ඊශ්වර දෙවියන් යනු
ලෞකික දියුණුව උදා කරන තෙදබල සපිරි ඊශ්වර දෙවියෝ
ඊශ්වර දෙවියන් හෙවත් ශිව දෙවියන් ඉන්දියානු සම්භවයක් ඇති දෙවි කෙනෙකු ලෙස හැඳින්වූවද රාවණ යුගයේදී ලංකාද්වීපයත් භාරතයත් ආශ්‍රිතව ජීවත් වූ ධ්යානබල සම්පන්න සෘෂිවරයකු වූ ඊශ්වර දෙවිඳු බුද්ධෝත්පත්තියට පෙරාතුව මෙලොව පහළව සිටි උතුමකු බැව් ඓතිහාසික තොරතුරුවලින් හෙළිදරව් වේ.
පශුපති, රුද්‍ර, අග්නි යන නම් වලින්ද හැඳින්වෙන ඊශ්වර දෙවියන් සතුන්ට ආරක්ෂාව සපයන දෙවියන් ලෙස ප්‍රකට බැවින් "පශුපති" යන නාමයෙන් හඳුන්වන්නට ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි.
සිය වාසභවන ලෙස කෛලාස කූට පර්වතය තෝරාගෙන එහි ධ්‍යානගතව වැඩසිටි ඊශ්වර දෙවිඳු යන්ත්‍ර මන්ත්‍ර තන්ත්ර කටයුතුවලටත් සකල විද්‍යාවන්ට හා නර්තනයට අධිපති වන්නේය. නිල්වන් ගෙලක් හා ධවල වර්ණ සිරුරකින් හෙබි ශිවයන් ගෙලවටා එතුන නාගාභරණයකින් සැරසී දිවිසමන් හැඳ දිවිසමක් මතම හිඳිමින් සිය ආයුධය ලෙස ත්‍රිශූලයක් අතදරයි. වෘෂභවාහනාරූඩව ගමන් යන එන ශිවයන්ට නෙත් තුනක් ඇති අතර එයින් එක නෙතක් නලල මත පිහිටා ඇති බවත් එයින් යමෙක් හෝ යම් දෙයක් දෙස බැලුවහොත් එම බැල්මට හසුවන සියලු දේ දැවී අළුවී යන බවත් කියෑවේ.
හින්දු භක්තිකයන් මහා දෙවියන් ලෙස හඳුන්වනු ලබන ශිව දෙවියන්ට බිරියන් තිදෙනකු ඇති බවත් ඒ අතර පළමුවැන්නිය රූපශ්‍රීයෙන් අගතැන්පත් උමා දේවියයි. නෘත්‍ය ගීතාදියෙහි පරප්රාප්ත උමා දේවිය දෙවන බිරිඳ වන අතර තෙවන බිරිඳ ලෙස සැළකෙන ගංගා දේවිය සංකේතයක් පමණක් වන බව පෙනේ. එනම් ඊශ්වර හෙවත් ශිව දෙවිඳුන්ගේ ජටාවෙන් ඇදී එන ජලධාරාව ගංගා දේවිය ලෙස හැඳින්වෙන අතර භාරතය දෝවනය කරමින් ගලාබසින්නා වූ මෙකී ගංගානම් නදිය හින්දු භක්තිකයෝ ශුද්ධ වූ වස්තුවක් ලෙස සලකති.
ස්කන්ධ කුමාරයාගේත් ගණ දෙවිඳුන්ගේත් පියාණන් වන ශිව දෙවිඳු දිව්‍ය ග්‍රහබල සම්පන්න සෘෂිවරයෙකි. ලංකාධීෂ්වර රාවණයන් ශිව දෙවිඳු කෙරේ ඉතා භක්තිමත්ව සිටි බවත් ශිවයන් ඔහුට යන්ත්‍ර, මන්ත්‍ර ආයුර්වේද ජ්‍යෙdතිෂ්‍ය වැනි ශාස්ත්‍ර නිසි ලෙස උගන්වා නැණ බල ප්‍රඥා යන ත්‍රිවිධ ශක්තීන් දානය කළ බවද කියෑවේ.
සශ්‍රීකත්වයට, ධනයට, යන්ත්‍ර මන්ත්‍ර තන්ත්රාදී ත්‍රිවිද්‍යාවට නර්ථනයට ආයුර්වේද ශාස්ත්‍රයට, ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවට පොළෝ ගර්භයෙහි සැඟව ඇත්තා වූ වස්තුවට අධිපතිත්වය දරන ශිව දෙවිඳුන්හට බැතිමතුන් භාරහාර වන්නේ තම තමන්ගේ ලෞකික දියුණුව අපේක්ෂා වෙනි. සතුරන් මර්දනය කර නඩුහබ අවනඩු විස¹ යුක්තිය සාධාරණය ඉටුකොට සාධුජනයාට ශාන්තියත් ආරක්ෂාවත් ශිව හෙවත් ඊශ්වර දෙවිඳුන්ගෙන් ලැබෙන බැවින් ශිව දෙවිඳුන්ගේ පිsහිට පතන බැතිමතුන් බොහෝ වෙති.